රස බීම පොකුරක් ගෙදරදිම හදමුද.!

දිවා කාලයේ නිවසේ සිටින ඔබට, නැතහොත් ඔබගේ නිවසට පැමිණෙන අමුත්තන්ට පිළිගැන්වීමට ශීතකරණය තුළ කිසිත් නොමැති වෙලාවක ඔබ කුමක් කරන්නෙහිද? ඔබ අපහසුතාවයට පත්වනවා නේද? නමුත් ඔබ Cook-On Time සමඟ රැදී සිටින අයෙකු නම් ඔබ මෙම අවස්ථාවේදී අපහසුතාවයට නොව සතුටට පත්වේවි.ඒ මන්ද යත්  අප විසින් ඉදිරිපත් කර ඇති බීම වර්ග විශේෂාංගය තුළ නිවසේ තිබෙන දෑ උපයෝගී කර ගනිමින් ( පළතුරු හෝ එළවළු) ඉතා රසවත් මෙන්ම ගුණදායී පාන වර්ග ඉතා සුළු කාලයකදී ඔබට පිළියෙල කර ගැනීමට හැකිවනු ඇත.

අතුරුපස

Cook-On Time

සූපවේදය අන්තර්ජාලයට…අන්තර්ජාලයෙන් මුළුතැන්ගෙට ….!

පහසුවෙන් සිංහලෙන් සරලව සියළු දෙනාට තේරුම් ගත හැකි අයුරින් ආහාර පිසීමේ කලාව කියා දෙන එකම සිංහල වෙබ් අඩවිය cook-ontime.com

කැමති අයට

♦ අළුත් කෑම ජාති හදන්න.

                  අකමැති අයට

♦ කැමැත්ත ඇති කර ගන්න.

                                      ඉගෙන ගන්න අයට

♦ සූපවේදය පිළිබඳ දැනුම වැඩි කර ගන්න.

 

රස බීම පොකුරක් ගෙදරදිම හදමුද.!

දිවා කාලයේ නිවසේ සිටින ඔබට, නැතහොත් ඔබගේ නිවසට පැමිණෙන අමුත්තන්ට පිළිගැන්වීමට ශීතකරණය තුළ කිසිත් නොමැති වෙලාවක ඔබ කුමක් කරන්නෙහිද? ඔබ අපහසුතාවයට පත්වනවා නේද? නමුත් ඔබ Cook-On Time සමඟ රැදී සිටින අයෙකු නම් ඔබ මෙම අවස්ථාවේදී අපහසුතාවයට නොව සතුටට පත්වේවි.ඒ මන්ද යත්  අප විසින් ඉදිරිපත් කර ඇති බීම වර්ග විශේෂාංගය තුළ නිවසේ තිබෙන දෑ උපයෝගී කර ගනිමින් ( පළතුරු හෝ එළවළු) ඉතා රසවත් මෙන්ම ගුණදායී පාන වර්ග ඉතා සුළු කාලයකදී ඔබට පිළියෙල කර ගැනීමට හැකිවනු ඇත.

 

 

බීම හදමු.

 

 

තෝර මාළු ස්ටු

අවශ්‍ය ද්‍රව්‍ය –

  • තෝර මළු ග්‍රෑම් 500 ක්
  • අමු මිරිස් කරල් 05 ක්
  • තම්බා ගත් අල ගෙඩියක්
  • බී ලූණු ගෙඩි 02 ක්
  • පොල් කිරි කෝප්ප 02 ක්
  • කහ කුඩු ස්වල්පයක්
  • අබ ස්වල්පයක්
  • විනාකිරි හා ලුණු අවශ්‍ය පමණ
  • සුදු ලූණු බික් 02 ක්

සාදන ක්‍රමය –

 

  • මාළු තරමක කැබලි වලට කපා සෝදා කහ කුඩු හා ලුණු දමා තම්බා ගන්න.තෙල් ස්වල්පයක් ලිප තබා රත් වන විට සුදු ලූණු දමා බැද මාළු ද දමා යන්තමට බැද ගන්න.කපා ගත් බී ලූණු හා අමු මිරිස් කැබලි කපා ගත් අල පෙතිද එයටම දමා යන්තමට බැද ගන්න.ඉන්පසු පොල් කිරි වලට කහ කුඩු, ගම්මිරිස්, මිරිස්, අබ, ලුණු හා විනාකිරි මිශ්‍ර කර එය තෙම්පරාදුවට හලා ගන්න.මාළු ස්ටුව හොඳින් උතුරන තුරු ලිප තබා උකු ගතියට පැමිණි පසු ලිපෙන් බා ගන්න.

                                                                                                                                                                                     ස්ටු වර්ග.

Disclaimer / වියාචනය

 cook-ontime.com වෙබ් අඩවියේ අන්තර්ගත කර ඇති  ආහාර වට්ටෝරු වර්ග සියල්ලම අප විසින් නිර්මාණය කර නොමැති අතර සමහරක් අප හට ලැබුණු හා පුවත්පත්, විශේෂාංග, සඟරා හා වැනි දෑ වලින්ද උපුටා ගන්නා ලද වට්ටෝරු ඇති බවට කරුණාවෙන් සලකන්න.තවද මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යෑමේ අරමුණ වන්නේ සූප ශාස්ත්‍රය ලෝකයට නැතහොත් අන්තර්ජාලයට ගෙනයෑම වන අතර වෙනත් කිසිඳු පුද්ගලයෙකුට හෝ වෙනයම් දෙයකට (පුවත්පත්, පොත්, සඟරා හෝ…..) හෝ ආයතනයකට හානියක් පරිභව කිරීමක් හෝ කිසියම් අකටයුත්තකට නොවන අතර හුදෙක්ම දැනුම ලබාදීම සඳහා පවත්වාගෙන යන්නක් බව කරුණාවෙන් සලකන්න.මෙම වෙබ් අඩවියේ යම් අඩුපාඩුවක් හෝ යම් වරදක් පාඨකයන් වන ඔබ දකින්නේ නම් එය අප හට නොපමාව දැනුම් දීමට කාරුණික වන්න.

© 2017 Cook-On Time Designed by Aos

error: Content is protected !!