අන්නාසි මිශ්‍ර කුකුල් මස්

අවශ්‍ය ද්‍රව්‍ය –

  • කුකුල් මස් කිලෝවක්
  • හතරැස් කැබලි වලට කැපූ අන්නාසි ගෙඩියක්
  • පොල්කිරි කෝප්ප දෙකහමාරක්
  • මිරිස් කුඩු මේස හැඳි 12 ක්
  • සුදු ලූණු බික් 03 ක්
  • ඉඟුරු කෑල්ලක්
  • කෝන් පිටි මේස හැඳි 02 ක්
  • ලුණු

 

සාදන ක්‍රමය –

  • කුකුල් මස් කැබලි වලට කපා සෝදා ගන්න.භාජනයක් ගෙන කපාගත් කුකුල් මස් දමා පොල්කිරි, මිරිස් කුඩු, කහ, සුදු ලූණු, ඉඟුරු අවශ්‍ය ප්‍රමාණයට දමා ලුණු එක්කර ලිප තබන්න.එම මිශ්‍රණය ලා කහ පැහැයට හැරෙන විට කපා ගත් අන්නාසි කැබලි දමා විනාඩි 05 කට පමණ පසු වතුර කෝප්ප භාගයකට කෝන් පිටි මේස හැඳි 02 දියකර එය මස් මිශ්‍රණයට දමන්න.ටික වේලාවකින් ලිපෙන් බා ගන්න.

Wed, 29 Jan 2020

© 2017 Cook-On Time Designed by Aos

error: Content is protected !!