අළුත් ක්‍රමයකට කෙසෙල් මුව ව්‍යංජනයක්

අවශ්‍ය ද්‍රව්‍ය –

  • කෙසෙල් මුවයක්
  • බිත්තර 04 ක්
  • අමු මිරිස් කරල් 02 ක් හෝ 03 ක්
  • රතු ලූණු ගෙඩි 03 ක් හෝ 04 ක්
  • උළු හාල් තේ හැදි භාගයක්
  • සුදුලූණු බික් 02 ක් හෝ 03 ක්
  • මිරිස් කුඩු තේ හැන්දක්
  • කහ කුඩු තේ හැදි භාගයක්
  • අමු තුනපහ කුඩු තේ හැදි භාගයක්
  • උම්බලකඩ කුඩු තේ හැන්දක්
  • ගොරක කෑල්ලක්
  • පොල් කිරි කෝප්ප 02 ක්
  • ලුණු අවශ්‍ය පමණ

 

සාදන ක්‍රමය –

  • කෙසෙල් මුව සිහින්ව කපා ලුණු වතුරට දමා මිරිකා ගෙන මිරිස් ගලේ හෝ බ්ලෙන්ඩරයේ දමා සිහින්ව අඹරා ගන්න.බිත්තර ගසාගෙන එයට අඹරා ගත් කෙසෙල් මුව හා ලුණු ස්වල්පයක් එක් කර ස්ටීමරයට කෙසෙල් කොළයක් දමා මෙය එය මත තුනී කර වාෂ්පයෙන් තම්බා එම කුට්ටිය ගෙන තරමක් ලොකු කෑලි වලට කපා ගන්න.භාජනයක් ගෙන ඉතිරි ද්‍රව්‍ය සියල්ල දමා ලිප තබා උතුරන විට කෙසෙල් මුව කැබලි දමන්න.ලුණු ඇඹුල් රස බලා ලිපෙන් බාගන්න.

Wed, 29 Jan 2020

© 2017 Cook-On Time Designed by Aos

error: Content is protected !!