එළවළු හා පලතුරු මිශ්‍ර සලාදයක්

අවශ්‍ය ද්‍රව්‍ය –

  • කැරට් අල 02 ක්
  • රතු ලූණු ගෙඩි 08 ක්
  • රතු හා කොළ පාට ඇපල් ගෙඩි 02 ක්
  • මාළු මිරිස් කරල් 02 ක්
  • අඹරා ගත් ඉඟුරු තේ හැඳි භාගයක්
  • අඹරා ගත් සුදු ලූණු තේ හැන්ඳක්
  • අඹරා ගත් අබ තේ හැඳි 02 ක්
  • විනාකිරි මේස හැඳි 02 ක්
  • ඔලිව් තෙල් හැන්ඳක්
  • ලුණු
  • දෙහි

 

සාදන ක්‍රමය –

  • කැරට් වාෂ්පයෙන් තම්බා හතරැස් කොටු කපාගන්න. රතු ලූණූ පොතු හැර ගෙඩි පිටින්ම තබා ගන්න.ඇපල් ගෙඩි හතරැස් කොටු වලට කපා දෙහි යුෂ අතඟා ගන්න.මාළු මිරිස් හතරැස් කොටු කපන්න.අඹරාගත් ද්‍රව්‍ය භාජනයකට දමා විනාකිරි හා ලුණු වතුර එක්කර ලිප තබා මද ගින්නේ විනාඩි දෙක තුනක් රත්කර නිවෙන්නට තබන්න.කපාගත් එළවළු හා පළතුරු එයට උඩින් වත්කර කැමති නම් පමණක් ඔලිව් ඔයිල් තේ හැන්ඳක් ඊට උඩින් දමා ගන්න. සලාද කොළ ඇතිරූ දීසියකට දමා කැම මේසයට යවන්න.

Wed, 29 Jan 2020

© 2017 Cook-On Time Designed by Aos

error: Content is protected !!