එළවළු හා මස්කටු මිශ්‍ර සුප්

අවශ්‍ය ද්‍රව්‍ය –

  • කැමති මස් වර්ගයකින් කටු ග්‍රෑම් 250 ක්
  • බාර්ලි ඇට 50 ක්
  • ලොකු ලූණූ ගෙඩියක්
  • අමු මිරිස් කරල් 02 ක්
  • තක්කාලි ගෙඩි 02 ක්
  • පරිප්පු ග්‍රෑම් 50 ක්
  • කැරට් ග්‍රෑම් 100 ක්
  • ගෝවා ග්‍රෑම් 100 ක්
  • අර්තාපල් ග්‍රෑම් 100 ක්
  • සුදු ලූණූ බික් 02 ක්
  • සුප් කැටයක්
  • පොල්කිරි කෝප්ප කාලක්
  • ගම්මිරිස් කුඩු
  • සූදුරු කුඩු
  • කරපිංචා
  • රම්පෙ
  • කුරුඳු පොතු කැබැල්ලක්
  • කරදමුංගු 02 ක්
  • ලුණු
  • කහ කුඩු

සාදන ක්‍රමය –

  • කහ කුඩු හා ලුණු ස්වල්පයක් දමා මස්කටු තැම්බෙන්නට හැර බාගෙට තැම්බෙන විට කපාගත් එළවළු, පරිප්පු, අමු මිරිස්, බාර්ලි, කරදමුංගු හා ලූණු ගෙඩියෙන් භාගයකුත් එක් කරන්න.ගම්මිරිස් කුඩු හා සූදුරු කුඩු ඊට එක්කර තක්කාලි ගෙඩියක්ද දමන්න.වෙනත් භාජනයක් ලිප තබා බටර් හෝ තෙල් රත්කර තලාගත් සුදු ලූණු, ලූණු, තක්කාලි, රම්පෙ, කරපිංචා තෙම්පරාදු කර හොඳින් තැම්බුනු සුප් එකට මිශ්‍ර කරන්න.සුප් කැටය දිය කර සුප් එකට දමා පොල් කිරිද එකතු කර උතුරවා පදමට ලුණු දමා ගන්න.

Wed, 29 Jan 2020

© 2017 Cook-On Time Designed by Aos

error: Content is protected !!