කිරි අල මැල්ලුමක්

අවශ්‍ය ද්‍රව්‍ය –

  • කිරි අල ග්‍රෑම් 250 ක්
  • බී ලූණු ගෙඩියක්
  • අමු මිරිස් කරල් 02 ක්
  • පොල් සෑහෙන පමණ
  • අබ
  • ලුණු
  • රම්පෙ
  • කරපිංචා
  • කහ
  • වියළි මිරිස් කැබලි

 

සාදන ක්‍රමය –

  • කිරි අල සුද්ද කර ලුණු හා කහ දමා තම්බා කුඩා කැබලි වලට කපා ගන්න.පොල්, අමු මිරිස් හා බී ලූණු දමා අඹරා කපාගත් අල වලය මිශ්‍ර කර ගන්න.තෙල් ස්වල්පයක් ලිප තබා අබ ඇට දමා පුපුරන විට වියළි මිරිස් කැබලි, රම්පෙ, කරපිංචා දමා බැද බී ලූණු ද ඊටම එක්කර තෙම්පරාදු වන විට කිරි අල මිශ්‍රණය එයට එක්කර ගන්න.

Wed, 4 Mar 2020

වට්ටක්කා කට්ලට්

අවශ්‍ය ද්‍රව්‍ය –

  • වට්ටක්කා ග්‍රෑම් 250 ක්
  • සෝයා කුඩු ග්‍රෑම් 75 ක්
  • ලූණු ග්‍රෑම් 25 ක්
  • අමු මිරිස් කරල් 03 ක්
  • සුදු ලූණූ
  • මිරිස් කුඩු
  • ගම්මිරිස් කුඩු
  • දෙහි යුෂ
  • ලුණු
  • අවශ්‍ය නම් බිත්තරයක්
  • කුඩාවට කැපූ තක්කාලි ගෙඩියක්

 

සාදන ක්‍රමය –

  • වට්ටක්කා වල පිට පොත්ත ඉවත් කර වාෂ්පයෙන් තම්බා ගන්න.සෝයා කුඩු හා ලුණු මිශ්‍ර උණු වතුරේ මිනිත්තු 10 ක් පමණ පෙඟෙන්නට හැර වතුර මිරිකා ගන්න.තෙල් ස්වල්පයක් ලිප තබා ලූණු, අමු මිරිස් හා සුදු ලූණු හොඳින් තෙම්පරාදු කර ඊළඟට සෝයා ටික දමන්න.ඉන්පසු අනෙකුත් සියළු දේවල් ද දමා අවසානයේ තම්බාගත් වට්ටක්කා ටික දමා හොඳින් මිශ්‍ර කර ලිපෙන් බා ගන්න.නිවුනු පසු බිත්තර කහ මදය ද දමා අනා ගන්න.දැන් මෙය බෝල මෙන් සකස් කර පාන්පිටි වල දවටා බිස්කට් කුඩු ඔතා ගැඹුරු තෙලේ බැදගන්න.

Tue, 3 Mar 2020

ඇඹරැල්ලා දළු සම්බෝල

අවශ්‍ය ද්‍රව්‍ය –

  • ඇඹරැල්ලා දළු ටිකක්
  • සිහින්ව ලියූ අමු මිරිස් කරල් 03 ක්
  • ලියාගත් රතු ලූණූ ගෙඩි 10 ක්
  • පොල් ස්වල්පයක්
  • උම්බලකඩ කුඩු
  • ලුණු

 

සාදන ක්‍රමය –

  • ඇඹරැල්ලා දළු සෝදා සිහින්ව ලියා ගන්න.ලියාගත් අමු මිරිස් හා රතු ලූණූ එයට එක්කර උම්බලකඩ කුඩු, ලුණු හා පොල් ද එකතු කර කවලම් කර ගන්න.

Tue, 3 Mar 2020

ඉස්සන් හා වම්බටු ව්‍යාංජනය

අවශ්‍ය ද්‍රව්‍ය –

  • ඉස්සන් ග්‍රෑම් 200 ක්
  • වම්බටු ග්‍රෑම් 200 ක්
  • ලොකු ලූණූ ගෙඩියක්
  • මාළු මිරිස් කරල් 03 ක්
  • කජු ග්‍රෑම් 30 ක්
  • කෝන්පිටි තේ හැඳ භාගයක්
  • සුදු ලූණු බික් 02 ක්
  • කුරුඳු පොත්තක්
  • ඉඟුරු කැබැල්ලක්
  • එළවළු තෙල්
  • පොල්කිරි අඬු කෝප්ප භාගයක්
  • ගම්මිරිස්
  • මිරිස් කුඩු
  • විනාකිරි
  • ලුණු
  • සීනි
  • සෝයා සෝස් මේස හැන්ඳක්

 

සාදන ක්‍රමය –

  • ලූණු ලොකු කැබලි වලට කපන්න.මාළු මිරිස් ඇට ඉවත් කර දිගට කපා ගන්න.තෙල් ස්වල්පයක් ලිප තබා සුදු ලූණු සිහින්ව කපා බැද ගන්න.ඉඟුරුද ලියා බැඳගන්න.දැන් සුද්ද කරගත් ඉස්සන්, ලූණු හා මාළු මිරිස් ඊටම දමා ස්වල්ප වේලාවක් ලිපේ තිබෙන්නට හරින්න.විනාකිරි, ගම්මිරිස්, මිරිස් කුඩු, සීනි, කුරුඳු, කෝන් පිටි හා වතුර ස්වල්පයක් ද දමා එකට මිශ්‍ර කර ලිප තිබෙන ඉස්සන් මිශ්‍රණයට දමා උකු කර ගන්න.බැදගත් වම්බටු කැබලි එයටම එක්කර කජු, පොල්කිරි හා ලුණු මිශ්‍ර කර ඉස්ම හිඳෙන තුරු පිස ගන්න.

Mon, 2 Mar 2020

වණ්ඩු ආප්ප

අවශ්‍ය ද්‍රව්‍ය –

  • හාල් පිටි ග්‍රෑම් 500 ක්
  • පොල් බෑයක කිරි
  • පැණි බෝතල් කාලක්
  • බැදගත් මාදුරු හා කරදමුංගු ටිකක්
  • රා මංඩි ස්වල්පයක්
  • සීනි මේස හැඳි 02 ක්
  • ලුණු

 

සාදන ක්‍රමය –

  • කිරි වලට පිටි දමා කවලම් කර සීනි, පැණි හා රා මංඩි ද මිශ්‍ර කර ගන්න.ආප්ප පිටි මිශ්‍රණයේ තරමට පදම ගෙන පැය 12 ක් පිපෙන්නට තබන්න.සෑදීමට කිට්ටුව ලුණු මිශ්‍ර කර ගන්න.වණ්ඩු මුට්ටියක් ලිප තබා සිදුර සහිත පොල් කටුවක් මුට්ටියේ කටට තබා ඒ මත කැන්ද කොළයක් එළන්න.දැන් පිටි මිශ්‍රණයෙන් හැන්ඳක් ගෙන කැන්ද කොළයට දමා එය හොඳින් වසා වාෂ්පයෙන් තැම්බෙන්නට හරින්න.

Mon, 2 Mar 2020

© 2017 Cook-On Time Designed by Aos

error: Content is protected !!