කහ බත්

අවශ්‍ය ද්‍රව්‍ය –

  • සම්බා කිලෝ 1ක්
  • දුන්තෙල් හෝ මාගරින් ග්‍රෑම් 50 ක්
  • කරදමුංගු හා කරාබුනැටි 08 හෝ 10 ක්
  • කුරුඳු පොතු කැබලි 02 ක්
  • රම්පෙ
  • සේර කෑල්ලක්
  • සිහින්ව ලියාගත් ලූණු ග්‍රෑම් 200 ක්
  • ගම්මිරිස් ඇට 10 ක්
  • සූදුරු තේ හැන්ඳක්
  • කොත්තමල්ලි මේස හැන්දක්
  • පොල්කිරි කෝප්ප 03 ක්
  • කහ කුඩු ස්වල්පයක්
  • ලුණු ස්වල්පයක්

සාදන ක්‍රමය –

  • භාජනයකට දුන්තෙල් හෝ මාගරින් දමා ලිප තබා එය රත්වන විට ලූණු, සේර ,රම්පෙ, තලාගත් කරදමුංගු, කරාබුනැටි හා කුරුඳුපොතු දමා බැදෙන විටදී සෝදා වතුර බේරා වියළා ගත් හාල් දමා බදින්න.ඊළඟට පොල්කිරි, කහ කුඩු හා ලුණු දමා බත පිසීමට අවශ්‍ය පමණට වතුර එකතු කර බත ඉදෙන්නට හරින්න.බත ගම්මිරිස්, සූදුරු හා කොත්තමල්ලි තලා රෙදි කැබැල්ලක පොට්ටනියක් බැද එම පොට්ටනිය බත උතුරන විට බතට දමන්න.බත ඉදුණු පසු එය ඉවත් කර කූරු ගා ගන්න.බතේ ඇති රම්පෙ, කුරුඳු පොතු, යනාදි සියල්ලම ඉවත් කර බැදගත් කජු හා සුල්තානා යොදා සරසා ගන්න.

Wed, 29 Jan 2020

© 2017 Cook-On Time Designed by Aos

error: Content is protected !!