කුකුල් මස් කරිය

අවශ්‍ය ද්‍රව්‍ය –

  • කුකුල් මස් කිලෝ භාගයක්
  • මිරිස් කුඩු තේ හැඳි එක හමාරක්
  • තුනපහ කුඩු තේ හැන්ඳක්
  • ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක්
  • සුදුලූණු බික් 03 ක්
  • කරදමුංගු, කරාබුනැටි 03 බැගින්
  • කුරුඳු පොත්තක්
  • කහ කුඩු
  • රම්පෙ
  • කරපිංචා
  • සියඹලා ඉස්ම මේස හැඳි භාගයක්
  • කපාගත් පොඩි තක්කාලි ගෙඩියක්
  • පොල්කිරි කෝප්පයක්
  • තෙල් මේස හැන්ඳක්
  • ලුණු සෑහෙන පමණ

 

සාදන ක්‍රමය –

  • මස් කැබලි කපා හොඳින් සෝදා තෙත බේරා ගෙන මිරිස්කුඩු, කුනපහ කුඩු, ගම්මිරිස් හා ලුණු කුඩු අතඟා පැය භාගයක් තබන්න.තෙල් ලිප තබා රත්වන විට තලාගත් ඉඟුරු, සුදුලූණු, රම්පෙ, කරපිංචා, කරදමුංගු,කරාබුනැටි,කුරුඳු හා කපාගත් තක්කාලිද එක්කර සාදා ගත් මස් මිශ්‍රණයද එයට දමා හොඳින් හැඳිගා විනාඩි 05 ක් තෙම්පරාදු කරන්න.සියඹලා ඉස්ම ද එක් කර පොල්කිරිද යොදා විනාඩි 05 ක් පමණ මද ගින්දරේ පිස ගන්න.

Wed, 29 Jan 2020

© 2017 Cook-On Time Designed by Aos

error: Content is protected !!