කොහිල අල කට්ලට්

අවශ්‍ය ද්‍රව්‍ය –

  • කොහිල අල ග්‍රෑම් 350 ක්
  • සිහින්ව කපා ගත් රතු ලූණු හා අමුමිරිස් සෑහෙන පමණ
  • උම්බලකඩ කුඩු මේස හැඳි 02 ක්
  • මිරිස් කුඩු තේ හැඳි 01 ක්
  • සූදුරු කුඩු තේ හැඳි කාලක්
  • ලියාගත් කරපිංචා කොළ ස්වල්පයක්
  • ලුණු අවශ්‍ය පමණ
  • තැවරීම සඳහා පිටි බදාමය හා බිස්කෝතු කුඩු
  • බැදීමට තෙල්

 

සාදන ක්‍රමය –

  • පොතු හැර සෝදා ගත් කොහිල තරමක් ලොකු කැබලි වලට කපා වතුර හා ලුණු දමා මෙලෙක් වන තුරු තම්බා ගන්න.ඉන්පසු සිහින්ව අඹරා ගන්න.තෙල් මේස හැන්දක් පමණ හොඳින් රත් වන්නට හැර එයට පළමුව රතු ලූණු, අමුමිරිස්, කරපිංචා එක්කර පසුව ඉතිරි සියළුම ද්‍රව්‍යද එයට දමන්න.මදක් බැදෙන විට අඹරාගත් කොහිල එකතු කර හොඳින් කවලම් කර විනාඩි කිහිපයකට පසු ලිපෙන් බා ගන්න.මෙම මිශ්‍රණයෙන් කට්ලට් බෝල සාදා පිටි බදාමයේ හා බිස්කට් කුඩු වල තවරා ගැඹුරු තෙලේ රන්වන් පාට වන තුරු බැදගන්න.

Wed, 29 Jan 2020

© 2017 Cook-On Time Designed by Aos

error: Content is protected !!