කොහිල වලින් ස්ටු

අවශ්‍ය ද්‍රව්‍ය –

  • කොහිල ග්‍රෑම් 250 ක්
  • බී ලූණු ගෙඩියක්
  • උම්බලකඩ මේස හැන්ඳක්
  • අමු මිරිස් කරල් දෙකක්
  • පොල්කිරි කෝප්ප එකහමාරක්
  • රම්පෙ
  • කරපිංචා
  • දෙහි යුෂ
  • තෙල්
  • ලුණු
  • ගම්මිරිස්

 

සාදන ක්‍රමය –

කොහිල අල සෝදා රවුම් පෙති කපා පෙති නොකැඩෙන සේ ගලේ තලා ගන්න‍. තලාගත් කොහිල පෙති බඳුනකට දමා ලුණු හා වතුර දමා තම්බා වතුර පෙරා ගන්න.බී ලූණු පෙති කපන්න.අමු මිරිස් සිහින්ව කපන්න.තෙල් ස්වල්පයක් ලිප තබා රත්වූ පසු බීලූණු, අමු මිරිස්, කරපිංචා, රම්පෙ, උම්බලකඩ හා ගම්මිරිස් එක්කර පොල්කිරි ද දමන්න.දැන් කහ ස්වල්පයක් ද එක්කර තම්බා ගත් කොහිල පෙති දමා පොඩි නොවන සේ කවලම් කර ස්වල්පය වේලාවක් මද ගින්නේ ඉදවා ගන්න.ලිපෙන් බා දෙහි යුෂ ටිකක් එක්කරන්න.

Wed, 29 Jan 2020

© 2017 Cook-On Time Designed by Aos

error: Content is protected !!