ග්‍රීන් රයිස්

අවශ්‍ය ද්‍රව්‍ය –

  • හාල් ග්‍රෑම් 500 ක්
  • තක්කාලි ගෙඩියක්
  • සුදු ලූණු බික් 02 ක්
  • ලීක්ස් ග්‍රෑම් 500 ක්
  • අමු තුනපහ කුඩු තේ හැන්ඳක්
  • කරපිංචා
  • කහ
  • මාගරින් මේස හැඳි 02 ක්
  • ලුණු

 

සාදන ක්‍රමය –

  • හාල් සෝදා බත පිස ගන්න.ලීක්ස් ගස් සෝදා එහි සුදු කොටස වෙනම සිහින්ව ලියන්න.කොළ පැහැති කොටස දික් අතට ලියා ගන්න.කරපිංචාද සිහින්ව කපා ගන්න.තක්කාලි ද කුඩා කැබලි වලට කපන්න.බඳුනකට මාගරින් දමා රත්කර ලියා ගත් සුදු ලූණු හා ලීක්ස් ගසේ සුදු කොටස දමා බැදෙන්නට හැර කහ සහ තුනපහ කුඩු දමන්න.එය හොඳින් තෙම්පරාදු වූ පසු පිසගත් ගත් බත් හා ලුණු දමා කවලම් කර කපා ගත් ලීක්ස් එකතු කර කවලම් කරන්න.විනාඩියකට පමණ පසු ලිපෙන් බා ගන්න.

Wed, 29 Jan 2020

© 2017 Cook-On Time Designed by Aos

error: Content is protected !!