දඹල ව්‍යාංජනය

අවශ්‍ය ද්‍රව්‍ය –

  • දඹල ග්‍රෑම් 250 ක්
  • අමු මිරිස් කරල් 02 ක්
  • බී ලූණු ගෙඩි 02 ක්
  • කෑලි මිරිස් මේස හැඳි භාගයක්
  • උම්බලකඩ මේස හැඳි භාගයක්
  • කුඩාවට කැපූ පොඩි තක්කාලි ගෙඩියක්
  • රම්පෙ
  • කරපිංචා
  • කුරුඳු පොතු
  • කහ
  • ලුණු
  • තෙල්

 

 

සාදන ක්‍රමය-

  • දඹල සෝදා සිහින් පෙති කපා ගැඹුරු තෙලේ බැදගන්න.තෙල් ස්වල්පයක් රත්කර එයට ලියාගත් ලූණු, අමු මිරිස්, රම්පෙ, කරපිංචා හා කුරුඳු දමා බැදෙන්නට හරින්න.රන්වන් පැහැය වන විට කෑලි මිරිස්, උම්බලකඩ, ලුණු දමා ස්වල්ප වේලාවක් තැම්බෙන්නට හැර කපාගත් තක්කාලි දමා බැදගත් දඹල ද එක්කර ටික වේලාවකට පසු ලිපෙන් බා ගන්න.

Wed, 12 Aug 2020

© 2017 Cook-On Time Designed by Aos

error: Content is protected !!