නෙළුම් අල කළුපොල් මාළුව

අවශ්‍ය ද්‍රව්‍ය –

  • නෙළුම් අල ග්‍රෑම් 250 ක්
  • අමු මිරිස් කරල් 05 ක්
  • රතු ලූණූ ගෙඩි 06 ක්
  • කොත්තමල්ලි ඇට මේස හැන්ඳක්
  • සූදුරු තේ හැන්ඳක්
  • මාදුරු තේ හැඳි භාගයක්
  • අබ තේ හැඳි භාගයක්
  • ගම්මිරිස් ඇට තේ හැන්ඳක්
  • සුදු හාල් තේ හැන්ඳක්
  • වියළි මිරිස් කරල් 06 ක්
  • පොල් මේස හැඳ 02 ක්
  • අඹරාගත් සුදු ලූණු ටිකක්
  • සියඹලා ඉස්ම මේස හැඳි 02 ක්
  • පොල්කිරි කෝප්ප 02 ක්
  • රම්පෙ
  • කරපිංචා
  • ඉඟුරු
  • සේර
  • ලුණු

 

සාදන ක්‍රමය –

  • නෙළුමු අල සෝදා සිහින් කැබලි වලට කපා ගන්න.ඉන්පසු එයට බැදගත් තුනපහ සියල්ලම දමා සියඹලා හා ලුණු එකතු කර විනාඩි 15 ක් පමණ තිබෙන්නට හරින්න.ඉන්පසු තෙල් ස්වල්පයක් රත්කර ඉඟුරු, සුදු ලූණු, අමු මිරිස්, රතුලූණු යන ද්‍රව්‍ය දමා කවලම් කර කලින් මිශ්‍ර කර පසෙක තැබූ නෙළුම් අල ද එක්කර පොල්කිරිද දමා මද ගින්නේ ඉස්ම හිඳෙන තුරු පිස ගන්න.

Fri, 28 Feb 2020

© 2017 Cook-On Time Designed by Aos

error: Content is protected !!