නෙළුම් අල ව්‍යංජනය

අවශ්‍ය ද්‍රව්‍ය –

  • නෙළුම් අල ග්‍රෑම් 250 යි
  • උම්බලකඩ ග්‍රෑම් 50 යි
  • රතු ලූණු ග්‍රෑම් 50 යි
  • තක්කාලි ග්‍රෑම් 100 යි
  • කල්කිරි බෝතලයක්
  • අමු මිරිස් කරල් 02 යි
  • කරපිංචා
  • රම්පෙ
  • ඉඟුරු ස්වල්පයක්
  • සුදුලූණු අවශ්‍ය පමණ
  • කුරුඳු පොතු අවශ්‍ය පමණ
  • කහකුඩු තේහැදි 01 යි
  • තුනපහ කුඩු මේස හැදි 01 යි
  • එළවළු තෙල් මේස හැදි 01 යි
  • අබ මේස හැන්දයි
  • ලුණු අවශය පමණ

 

සාදන ක්‍රමය –

  • නෙළුම් අල හොඳින් සෝදා පෙති කපා ගන්න.කපා ගත් කෙළුම් අල විනාඩි 15ක් පමණ වතුරෙන් තැම්බෙන්නට හරින්න.වෙනත් භාජනයක් ලිප තබා එයට කරපිංචා, කුරුඳු පොතු, රතු ළූණූ රම්පෙ හා කපාගත් අමු මිරිස් දමා හොඳට තෙම්පරාදු කර ගන්න.එය රන්වන් පැහැයට බැදීගෙන එන විට අඹරාගත් සුදු ලූණු, ඉඟුරු, මිරිස් කුඩු, කහ කුඩු, උම්බලකඩ හා අබ යනාදී සියල්ලම එක් කර ගන්න.පසුව එයට තම්බාගත් නෙළුම් අල හා තක්කාලි එක්කර හොඳින් හිඳෙන්නට හරින්න.එය හොඳින් හිදීගෙන එන විට ලිපෙන් බා එයට පහේ කුඩු ස්වල්පයක් උඩින් ඉස ආහාරයට ගන්න.

Wed, 29 Jan 2020

© 2017 Cook-On Time Designed by Aos

error: Content is protected !!