පැටිස්

අවශ්‍ය ද්‍රව්‍ය –

  • පාන් පිටි ග්‍රෑම් 250 ක්
  • මාගරින් ග්‍රෑම් 50 ක්
  • බිත්තරයක්
  • දෙහි ගෙඩියක යුෂ
  • බේකින් පවුඩර් තේ හැඳි කාලක්
  • අයිස් වතුර
  • ලුණු

පිරවුම සඳහා –

  • මාළු ග්‍රෑම් 250 ක්
  • අල හා ලූණූ ග්‍රෑම් ක්
  • අමු මිරිස් කරල් 10 ක්
  • සිහින්ව ලියාගත් කරපිංචා ස්වල්පයක්
  • අමු ඉඟුරු
  • සුදු ලූණු
  • ගම්මිරිස් කුඩු
  • දෙහි බෑයක යුෂ
  • ලුණු
  • පොල් තෙල්

 

සාදන ක්‍රමය –

  • ශීතකරණයෙන් ගත් මාගරින් කෑලි කපන්න.පිටි ටික බඳුනකට දමා කපාගත් මාගරින්ද දමා බේකින් පවුඩර්, ලුණු, බිත්තරය හා දෙහි ඇඹුල් යන සියල්ලම දමා අයිස් වතුර ටික ටික කවලම් කරමින් අනා ගන්න.මෙම මිශ්‍රණය තෙත රෙදි කඩකින් වසා පැය 04 ක් පමණ තිබෙන්නට හැර එම මිශ්‍රණය තුනී කර රවුම් කපා ගන්න.දැන් පිරවුම සාදා ගන්න.මාළු තම්බා පොඩි කර අල තම්බා කුඩා කැබලි වලට කපා ගන්න.අමු මිරිස් සිහින්ව ලියන්න.භාජනයක් ලිප තබා තෙල් ටිකක් දමා රත්කර සිහින්ව ලියාගත් කරපිංචා, අමු මිරිස්, ඉඟුරු, සුදු ලූණු, ලූණු හා මාළු ද අල ද එකතු කර තෙම්පරාදු කර ගන්න.එය ලිපෙන් බා ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු හා දෙහි දමා කවලම් කරන්න.දැන් පළමුව කපා ගත් රවුම් වල මැදට මිශ්‍රණයෙන් ටිකක් තබා එය දෙකට නවා වතුර හෝ බිත්තර සාරු ගා ගෑරුප්පුවකින් වටේට හැඩකරන්න.ගැඹුරු තෙලේ බැදගන්න.

Wed, 19 Feb 2020

© 2017 Cook-On Time Designed by Aos

error: Content is protected !!