පැසුණු ලාවුලු ව්‍යංජනය

අවශ්‍ය ද්‍රව්‍ය –

  • පැසුණු ලාවුලු ගෙඩි අවශ්‍ය පමණ
  • මිරිස් කුඩු ටිකක්
  • තුනපහ කුඩු
  • සුදු ලූණු ගෙඩි කීපයක්
  • ලූණු ගෙඩියක්
  • අමු මිරිස් කරල් 02 ක්
  • මිටිකිරි ටිකක්
  • වියලි මිරිස් කරල් කීපයක්
  • කහ
  • අබ ඇට
  • උලුහාල්
  • රම්පෙ
  • කරපිංචා
  • ලුණු
  • පොල්තෙල් ටිකක්

 

සාදන ක්‍රමය –

  • ලාවුලු සුද්ද කර ඇට අයින් කර කැබලි කපා පරිප්පු ඇට ප්‍රමාණයට එනතුරු වංගෙඩියක දමා කොටා ගන්න.භාජනයකට දමා උණුවතුර වත්කර කිරි ගතිය යන තුරු හොඳින් සෝදා මිරිකා ගන්න.දෙතුන් වරක් උණු වතුර දමා කිරි ගතිය ඉවත් කර ගන්න.එය ඇතිලියකට දමා මිරිස් කුඩු, තුනපහ කුඩු, කහ, ලුණු හා දිය කිරි දමා හොඳින් තැම්බීගෙන එන විට මිටිකිරිද එක් කරන්න.භාජනයක් ලිප තබා තෙල් දමා රත්වන විට රම්පෙ, කරපිංචා, අමු මිරිස්, උලුහාල්, සුදු ලූණු, ලුණු, අබ ඇට හා කඩාගත් වියළි මිරිස් කැබලි දමා ලාවුලු මිශ්‍රණය එකතු කර තෙම්පරාදු කර ගන්න.

Wed, 29 Jan 2020

© 2017 Cook-On Time Designed by Aos

error: Content is protected !!