පොල් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය –

  • පොල් ගෙඩියක්
  • රට ඉඳි ග්‍රෑම් 150 ක්
  • පාන්පිටි ග්‍රෑම් 250 ක්
  • පුහුල් දෝසි ග්‍රෑම් 100 ක්
  • කජු හා සුල්තානා ග්‍රෑම් 100 බැගින්
  • රතු සීනි ග්‍රෑම් 500 ක්
  • ලුණු තේ හැඳි භාගයක්
  • මාදුරු තේ හැන්ඳක්
  • බේකිං පවුඩර් තේ හැන්ඳක්
  • ආප්ප සෝඩා තේ හැන්ඳක්
  • සුවඳ කුඩු තේ හැන්ඳක්

 

සාදන ක්‍රමය –

  • තම්බා ගත් පාන්පිටි වලට බේකිං පවුඩර්, ආප්ප සෝඩා හා ලුණු එක්කර පොල් වතුරෙන් අනා පැයක් පමණ තබන්න.සීනි ටිකක් කැරමල් කර ඉතිරි සීනි දමා වතුර ටිකක් එක්කර ලිප තබා පැණි උණුකර පොල් මලවා ගන්න.කපාගත් පළතුරු ද එක්කර පිපෙන්නට තබාගත් පාන්පිටි මිශ්‍රණය එකතු කර කවලම් කර ගන්න.කේක් තැටියට පත්තර පිටු 04 ක් හා තෙල් කඩදාසියක් දමා සෙන්ටිග්‍රේට් අංශක 180 ක උෂ්ණත්වය යටතේ පැයක් පමණ බේක් කර ගන්න.

Wed, 29 Jan 2020

© 2017 Cook-On Time Designed by Aos

error: Content is protected !!