බැදගත් අල ව්‍යංජනය

අවශ්‍ය ද්‍රව්‍ය –

  • අල ග්‍රෑම් 250 ක්
  • උම්බලකඩ මේස හැන්දක්
  • පොල් කිරි කෝප්පයක්
  • රතු ලූණු ගෙඩි පහක් හයක්
  • උලුහාල් ඇට ස්වල්පයක්
  • ලුණු
  • දෙහි ඇඹුල්
  • රම්පෙ
  • කරපිංචා
  • සේර අවශ්‍ය පමණ
  • කහ ස්වල්පයක්
  • තුනපහ කුඩු මේස හැදි භාගයක්

සාදන ක්‍රමය –

  • අල සෝදා කුඩා කැබලි වලට කපා ගැඹුරු තෙලේ බැද ගන්න.භාජනයක් ගෙන එයට රතු ලූණු, උම්බලකඩ, උලු හාල්, ලුණු, කරපිංචා, සේර, රම්පෙ, කහ කුඩු, තුනපහ කුඩු, එක්කර පොල් කිරි දමා හොඳින් කවලම් කර ලිප තබා උතුරවන්න.හොඳින් කිරි ටික නටන විට බැදගත් අල, දෙහි ඇඹුල්ද යොදා උතුරවා ලිපෙන් බා ගන්න.

Wed, 29 Jan 2020

© 2017 Cook-On Time Designed by Aos

error: Content is protected !!