බැද පිසූ මාළු

අවශ්‍ය ද්‍රව්‍ය –

  • මාළු ග්‍රෑම් 250 ක්
  • බැදපු මිරිස් කුඩු මේස හැන්දක්
  • අඹරාගත් ගොරකා මේස හැඳි භාගයක්
  • අඹරා ගත් සුදු ලූණු හා ඉඟුරු තේ හැඳි භාගය බැගින්
  • ගම්මිරිස් කුඩු
  • සිහින්ව කැපූ කරපිංචා
  • තෙල් මේස හැඳි 02 ක්
  • කරදමුංගු හා කරාබුනැටි 02 බැගින්
  • කුරුඳු කැබැල්ලක්
  • උණු වතුර ස්වල්පයක්
  • ලුණු සෑහෙන පමණ
  • කපාගත් බී ලූණු ගෙඩියක්

 

සාදන ක්‍රමය  –

  • මාළු වල සම ඉවත් කර කපා ලුණු කුඩු තවරා සෝදා දිය බේරෙන්නට තබන්න.දිය බේරුනු පසු ලුණු තවරා පසෙක තබන්න.භාජනයක් ගෙන තෙල් රත්වන්නට ලිප තබා තෙල් රත්වූ පසු මාළු දමා මාළු බැදීගෙන එන විට කපා ගත් ලූණු හා කරපිංචා එකතු කරන්න. දැන් වෙනම බඳුනක් ගෙන එයට අඹරාගත් ගොරකා, මිරිස් කුඩු, කරාබුනැටි, කරදමුංගු, සුදු ලූණු, ඉඟුරු, ගම්මිරිස් එකතු කර උණු වතුර ටික ටික මිශු කර ඝන දියරයක් සාදා ගන්න.දැන් ලිප තැබූ ලූණු බැදෙන විට මෙම මිශ්‍රණය මාළු බඳුනට වත්කර අවශ්‍ය පමණ ලුණු එක්කර මිනිත්තු 30 ක් පමණ මද ගින්දරේ පිස ගන්න.

Wed, 29 Jan 2020

© 2017 Cook-On Time Designed by Aos

error: Content is protected !!