බීට්රූට් ස්ටු

අවශ්‍ය ද්‍රව්‍ය –

  • බීට් අල 02 ක්
  • ලොකු ලූණු ගෙඩියක්
  • සුදු ලූණු බික් 02 ක්
  • මාළු මිරිස් කරල් 02 ක්
  • විනාකිරි මේස හැන්ඳක්
  • තෙල් මේස හැන්ඳක්
  • මිටිකිරි කෝප්ප කාලක්
  • අබ ස්වල්පයක්
  • කරපිංචා ඉත්තක්
  • උලුහාල් ටිකක්
  • ලුණු

 

සාදන ක්‍රමය –

  • බීට් අල සෝදා පොතු හැර ගෙඩිය පිටින්ම වාෂ්පයෙන් තම්බන්න.දිග අතට ත්‍රිකෝණාකාර කැබලි කපා ලුණු හා විනාකිරි අතඟා පසෙක තබන්න.තෙල් ටිකක් රත්කර රවුමට කපාගත් ලූණු, පෙති කපාගත් මාළු මිරිස් හා සුදු ලූණු දමා බැදෙන්නට හරින්න.ඊළඟට කරපිංචා, උලුහාල් හා අබ ටිකක් දමන්න.මෙම තෙම්පරාදුවට බීට් කැබලි දමා කවලම් කර මිටිකිරි ස්වල්පයක් දමා උතුරුවා ලුණු ඇඹුල් එක් කරගන්න.

Wed, 29 Jan 2020

© 2017 Cook-On Time Designed by Aos

error: Content is protected !!