මිරිසට පිසගත් මුරුංගා ව්‍යාංජනයක්

අවශ්‍ය ද්‍රව්‍ය –

  • මුරුංගා කරල් ග්‍රෑම් 250 ක්
  • රතු ලූණු ගෙඩි 04 ක්
  • අමු මිරිස් කරල් 03 ක්
  • මිරිස් කුඩු තේ හැඳි එක හමාරක්
  • පොල්කිරි කෝප්ප 02 ක්
  • තෙල් මේස හැන්ඳක්
  • කරපිංචා
  • උළුහාල්
  • කහ කුඩු
  • සියඹලා යුෂ
  • ලුණු

 

සාදන ක්‍රමය –

  • මුරුංගා සුද්ද කර කැබලි කපා ගන්න.තෙල් ස්වල්පයක් ලිප තබා රතු ලූණු, අමු මිරිස්, කරපිංචා හා උළුහාල් දමා තෙම්පරාදු කරන්න.ඊටම මුරුංගා කැබලි ද දමා බැදෙන්නට හැර කිරි කෝප්ප 02 මිශ්‍ර කරන්න.ඉන්පසු මිරිස්, කහ හා ලුණු එකතු කර තැම්බීගෙන එන විට සියඹලා යුෂ හා ලුණු දමා මිශ්‍රණය ලිපෙන් බා ගන්න.

 

Fri, 28 Feb 2020

© 2017 Cook-On Time Designed by Aos

error: Content is protected !!