රසවත් බිලිං ව්‍යංජනයක්

අවශ්‍ය ද්‍රව්‍ය –

  • බිලිං ගෙඩි 15 ක්
  • රතු ලූණු ගෙඩි 05 ක්
  • අමු මිරිස් කරල් 03 යි
  • මිටි කිරි කෝප්ප භාගයයි
  • අඹරාගත් අබ ටිකක්
  • උම්බලකඩ කුඩු ස්වල්පයක්
  • කහ කුඩු ස්වල්පයක්
  • ලුණු කුඩුස්වල්පයක්
  • කරපිංචා අවශ්‍ය පමණ

සාදන ක්‍රමය –

  • බිලිං සෝදා දිග අතට කුඩා කැබලි වලට කපන්න.තෙල් ස්වල්පයක් ලිප තබා ලූණු, අමුමිරිස් හා කරපිංචා දමා බැදෙන්නට හරින්න.ඊට බිලිං එක්කර මදක් මලවා ගන්න.ඉතිරි ද්‍රව්‍ය සියල්ලම දමා මිටිකිරි එක්කර තැම්බෙන්නට හැර බිලිං වල පැහැය වෙනස් වන්නට පෙර ලිපෙන් බා ගන්න.

Wed, 29 Jan 2020

© 2017 Cook-On Time Designed by Aos

error: Content is protected !!