වැල් කොහිල දළු මාළුව

අවශ්‍ය ද්‍රව්‍ය –

  • වැල් කොහිල දළු ග්‍රෑම් 250 ක්
  • කොස් ඇට ග්‍රෑම් 125 ක්
  • මිරිස් කුඩු තේ හැන්ඳක්
  • තුනපහ කුඩු තේ හැඳි භාගයක්
  • සිහින්ව ලියාගත් ලූණු ගෙඩි 02 ක්
  • අමු මිරිස් කරල් 02 ක්
  • සුදු ලූණු බික් 02 ක්
  • උම්බලකඩ මේස හැන්ඳක්
  • රම්පෙ
  • කරපිංචා
  • කහ කුඩු
  • ලුණු

සාදන ක්‍රමය –

  • වැල් කොහිල දළු ලුණු වතුරෙන් සෝදා කෑලි දෙකට තුනට වන්නට කපන්න.ඉන්පසු බඳුනකට දමා මද උණු වතුරෙන් සෝදන්න.දිය බේරුණු පසු ලියාගත් කොස්ඇට හා ඉහත සඳහන් අමු ද්‍රව්‍ය දමා පොල්කිරි ද මිශ්‍ර කර මද ගින්නේ පිස ගන්න.

Thu, 27 Feb 2020

© 2017 Cook-On Time Designed by Aos

error: Content is protected !!