වැව් මාළු මෝජු

අවශ්‍ය ද්‍රව්‍ය –

  • වැව් මාළු ග්‍රෑම් 250 ක්
  • සුදු ලූණු බික් 05 ක්
  • පොඩි බී ලූණු ගෙඩියක්
  • අමු ඉඟුරු, මුරුංගා පොතු හා කුරුඳු ස්වල්පයක්
  • කහ ස්වල්පයක්
  • විනාකිරි
  • පොල්තෙල්
  • ගම්මිරිස්
  • රස අනුව ලුණු

 

සාදන ක්‍රමය –

  • වැව් මාළු වල හම ගලවා සිහින් පෙති වලට කපා සෝදා ගන්න.කහ, විනාකිරි හා ලුණු තවරා ගැඹුරු තෙලේ බැදගන්න.සුදු ලූණු, කුරුඳු, අමු ඉඟුරු, අබ, ගම්මිරිස් හා කුරුඳු පොතු විනාකිරෙන් අඹරා ගන්න.තෙල් ලිප තබා අඹරාගත් ද්‍රව්‍ය සමඟ බී ලූණු බැදගන්න.එයටම තුනපහ හා වියලි මිරිස් කුඩු එකතු කර ගන්න.මිශ්‍රණය නිවුනු පසු මාළු කැබලි දමා කවලම් කර සුළං නොවදින ලෙස තබා ගන්න.

Wed, 29 Jan 2020

© 2017 Cook-On Time Designed by Aos

error: Content is protected !!