සමෝසා

අවශ්‍ය ද්‍රව්‍ය –

  • පාන් පිටි ග්‍රෑම් 250 යි
  • මාගරින් ග්‍රෑම් 30 යි
  • ලුණු කුඩු තේ හැන්ඳක්
  • අයිස් වතුර

පිරවුම සඳහා –

  • මාගරින් ග්‍රෑම් 25 ක් හෝ තෙල් මේස හැදි 02 ක්
  • සිහින්ව කපා ගත් සුදු ලූණු බික් 02ක් හෝ 03ක්
  • අමු මිරිස් කරල් දෙක තුනක්
  • අමු ඉඟුරු පෙත්තක්
  • ලොකු ලූණු ගෙඩියක්
  • කහ කුඩු තේ හැදි භාගයක්
  • මිරිස් කුඩු තේ හැන්දක්
  • ඉතාම කුඩාවට කපා ගත් මස් ග්‍රෑම් 300 ක්
  • ගම්මිරිස් ස්වල්පයක්
  • ලුණු ස්වල්පයක්

 

සාදන ක්‍රමය –

  • හලා ගත් පිටි, ලුණු සමඟ භාජනයකට දමා මාගරින් එකතු කර පිට්ටු කැට මෙන් සාදන්න.වතුර අවශ්‍ය පමණ එකතු කර මෘදු මිශ්‍රණයක් අනා ගෙන විනාඩි 05ක් පමණ එයට අත් ගසන්න.පසුව තෙත රෙදි කැබැල්ලකින් වසන්න.භාජනයකට මාගරින් හෝ තෙල් රත් කර සිහින්ව කපා ගත් සුදුලූණු, අමු මිරිස්, ඉඟුරු හා ලූණු එකතු කර මද වේලාවක් බදින්න.සීසන් කරගත් මස් එකතු කර විනාඩි 15ක් 20ක් පමණ කාලයක් මද ගින්නේ පිස අවශ්‍ය ප්‍රමාණයට කහ කුඩු, මිරිස් කුඩු, ගම්මිරිස් හා ලුණු එකතු කර ලිපෙන් බා නිවෙන්නට තබන්න.පසෙකින් තැබූ පිටි මිශ්‍රණය ගෙන ලෑල්ලක තුනී කර විශ්කම්භය අඟල් 04ක් 05ක් වන රවුම් වලට කපා ඒ හැම රවුමක්ම දෙකට කපා ගන්න.ඉන්පසු කපා ගත් කොටසේ පැත්තක වතුර ස්වල්පයක් තවරා ගොට්ටක හැඩයට සකස් කර සාදා ගත් පිරවුම ඒ තුළට පුරවා විවෘතව ඇති කොටස අලවා ගන්න.විනාඩි 20ක් 30ක් පමණ මේවා පසෙක තබා පසුව ගැඹුරු තෙලේ රන්වන් පාට වන තුරු බැදගන්න.

Tue, 18 Feb 2020

© 2017 Cook-On Time Designed by Aos

error: Content is protected !!